වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්..
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් සිකරුවන් පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.