සවස් කාලයේදී පළාත් රැසකට වැසි..
මේ දිනවල සවස් කාලයේදී බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත් වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම නැගෙනහිර සහ දකුණු පළාත්වලට දිනයේ උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් එහිදී එම ප්‍රදේශ ආශ්‍රිතව තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.