සත්‍යයේ පුවත් අඩහැරය….

මුහුදු රළ ඉහළ යාමේ අවධානමක් ..

Podu Jana Peramunaඅප්‍රේල් මස 24 වන දින දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි. මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්ස සඳහන් කරයි.කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං දකුණු දිශාවේ සිට ගිනිකොණ දක්වා වන දිශාවලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිශාවලින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 20 – 30ත් අතර පමණ වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට