සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රිරෝද රථ මීටර් සවිකිරීමේදී දැවැන්ත කොමිස් ගැහිල්ලක්, අල්ලස්‌ කොමිසමට අද පැමිණිලි කරනවා – ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය

Podu Jana Peramunaත්‍රිරෝද රථ මීටර් සවිකිරීම තුළින් දැවැන්ත කොමිස්‌ මුදල් ලබාගන්නා දේශපාලනඥයින් සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය අවධාරණය කර සිටියි. එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසා සිටින්නේ අදාළ පැමිණිල්ල ඊයේ (24) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ඉදිරිපත් කළද එහි පවතින බරපතළ තත්ත්වය හේතුවෙන් එම පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බව එම කාර්යංශය විසින් පවසා සිටි බැවින් අද දින එම පැමිණිල්ල අල්ලස්‌ හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බවයි.

ත්‍රිරෝද රථයකට මීටරයක්‌ සවිකිරීමේදී ඇතැම් දේශපාලඥයන්ට මෙන්ම මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාට සහ ත්‍රිරෝද රථ සංගම් කීපයක සභාපතිවරුන් අතරේ කොමිස් මුදලක් බෙදී යන බවද සුනිල් ජයවර්ධන මහතා පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට