සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව සිය පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම සදහා වෙළද ගිවිසුම් වලට එළඹෙමින් සිටිනවා – ඉංජිනේරු සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව වෘත්තීයවේදීන්ගේ කිසිදු විමසීමකින් තොරව විදෙස් රටවල් සමග මෙරටට අහිතකර ලෙස බලපාන වෙළද ගිවිසුම් කරා එළඹෙමින් සිටින බව ඉංජිනේරු සංගමය අවධාරණය කර සිටියි. අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ඉංජිනේරු සංගමයේ සභාපති වරලත් ඉංජිනේරු ආනන්ද රණසිංහ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ආනන්ද රණසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ ආණ්ඩුව සිය පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම සදහා පමණක් උත්සහ කරන බවයි. ආණ්ඩුව සිංගප්පූරුව සමග එළඹීමට නියමිත වෙළද ගිවිසුම නීතිගත කිරීම වහාම අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බවත් මෙවැනි ගිවිසුම් හරහා සිය පැවැත්ම කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් ආණ්ඩුව කටයුතු කරන බව මනාව පෙනී යන බවද ආනන්ද රණසිංහ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ඉංජිනේරු සංගමයේ සාමාජිකයින් වන හර්ෂණ බුලත්සිංහල, සුරාන් ප්‍රනාන්දු, ආසිරි දිසානායක සහ ලලිත් පල්ලේගම යන වරලත් ඉංජිනේරුවරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට