සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති අතේ මාට්ටු …

Podu Jana Peramunaඉන්දීය ආයෝජකයකුට කන්තලේ ප්‍රදේශයේ සීනි කම්හලක්‌ පවත්වා ගෙන යාමට අවසර දීම සඳහා රුපියල් කෝටි 2 ක්‌ අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට යාමේදී අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී අයි. එච්. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති පී. දිසානායක යන දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එම සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ඉල්ලා සැකකරුවන් දෙදෙනා විසින් රුපියල් කෝටි 10 ක අල්ලසක්‌ ඉල්ලා ඇති අතර එහි අත්තිකාරම් රුපියල් කෝටි දෙකක මුදලක් කොළඹ, ටාඡ් සමුද්‍ර හෝටලය අසලදී ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවට පත්ව ඇත. එක් සැකකරුවකු රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපතිවරයාවු පී. දිසානායක යන අය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇති අතර අනෙක් සැකකරු වන ආචාර්ය අයි එච් කේ මහානාම මහතා මීට පෙර ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත. මේ පිළිබදව නො. 27/9, රොස්මිඞ් පෙදෙස, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි එම්. ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කල පැමිණීල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට