සත්‍යයේ පුවත් අඩහැරය….

සිංගප්පුරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්න, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ජනාධිපතිවරයාට ලිපියක්..

Podu Jana Peramunaසිංගප්පුරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු-ලංකා ආර්ථික සහ තාක්ෂිණික සහයෝගීතා ගිවිසුමට අදාළ සාකච්ඡා අත්හිටුවන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් මේ බව අවධාරණය කර ඇති අතර එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් වන්නේ ඕනෑම වෙළද ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් පවසා සිටියද පසුගියදා අත්සන් කරන ලද ශ්‍රී ලංකා, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසිම තුළින් ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවට පත්වන බවයි.

අදාළ වෙළද ගිවිසුම තුළ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක විය යුතු බදු සංශෝධන, සේවා, ආයෝජන, භූමිය, සාගරය, ආගමන-විගමන, බුද්ධිමය දේපළ ආදී විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වී ඇති බවත් මෙවැනි වෙළඳ ගිවිසුමක් හා බැදුණු පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරන අණ පනත් සහ නීති රීති මෙම ගිවිසුම හා සම්බන්ධ කාර්යයන් සඳහා බල නොපවත්වන බව ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටින බවද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට