බස් ගාස්තු සංශෝධනය, තීරණයක් ගන්න විද්වත් කමිටුව අද පස්වරුවේ රැස්වෙයි..
බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට එළඹීම සදහා අද (14) පස්වරුවේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව ප්රවාහන අමාත්යංශය අනාවරණය කර සිටියි. ඒ සදහා වන විද්වත් කමිටුව අද පස්වරුවේ රැස්වී, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇත. ඉන්ධන මිල ඉහළ දැමීම, බස් රථ අමතර කොටස් මිල ගණන් ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් පෙන්වා දෙමින් බස් ගාස්තු ඉහළ දැමිය යුතුව ඇති බව බස් සංගම් පෙන්වා දෙයි. කෙසේ වෙතත් අවම ගාස්තුව රුපියල් 15 ක් ලෙසත් සමස්ත බස් ගාස්තුව සියයට විස්සකිනුත් වැඩිකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් අනිද්දා සිට වර්ජනයකට එළඹෙන බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ වන විටත් අනතුරු අගවා ඇත.