සත්‍යයේ පුවත් අඩහැරය….

ගිනි පෙට්ටි කර්මාන්තය අවදානම් තත්ත්වයකට පත්වෙලා – ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය

Podu Jana Peramunaමෙරට ගිනි පෙට්ට් නිෂ්පාදනයේදී, එ් සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පවතින ගැටලු නිසා ගිනි පෙට්ටි කර්මාන්තය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වය උද්ගතවී ඇති බව ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.ඩී.ආර්. රාජන් මහතා අවධාරණය කර සිටියි. මීට පෙරදීත් ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ගිනි පෙට්ටි කර්මාන්තශාලා බොහෝමයක් මාස 03 කට ආසන්න කාලයක් වසා දැමීමට සිදුවු බව ඔහු පවසයි. ශ්‍රී ලංකා ආරක්ෂක ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය  සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවී මේ පිළිබදව සාකච්ඡා කල අතර එහිදි ඔවුන් සදහන් කර ඇත්තේ ගිනි පෙට්ටි නිෂ්පාදන සදහා අවශ්‍ය කරන පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පවතින ක්‍රමවේදය හා ටෙන්ඩර් පටිපාටියේ ඇති අක්‍රමවත්භාවය නිසා ගැටලූ රාශියක් මතුවන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ නිසි ක්‍රමවේදයක් මතු අදාළ රසායනික ද්‍රව්‍යයන් කලට වේලාවට ආනයනය නොකලහොත් ඉදිරියේදී රටතුළ ගිනිපෙට්ටි හිඟයක්ද ඇති වනු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට