සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව රට පාවාදෙන තත්ත්වයකදී අපි රණවිරු විජයග්‍රහණය සමරනවා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaපාර්ලිමේන්තුව ඉදිරිපිට රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇති රණවිරු සැමරුම් උත්සවයේදී කොටි ත්‍රස්තවාදීන් සැමරීමට කටයුතු නොකරන බවට ආණ්ඩුව විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංගප්පාල නම් ග්‍රාමයේදී රණවිරු විජයග්‍රහණ සැමරුමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

මේ සදහා සහභාගි වන ලෙස සියළුම ජනතාවට ආරාධනා කරන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ඇතුළු කොටි හිතවාදීන් විසින් වෙල්ලිමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇති කොටි සැමරුම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු නීතිමය පියවරක් ගන්නා බවක් නොපෙනෙන බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සහ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන්ද සහභාගි වෙමින් සිය අදහස් දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට