සත්‍යයේ පුවත් අඩහැරය….

බස් ගාස්තු සංශෝධනය ප්‍රතිපත්තියට විරුද්ධයි, අධිකරණය ඉදිරියට යනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaපසුගියදා සිදුකරන ලද බස් ගාස්තු සංශෝධනය, බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධ බවත් බස් ගාස්තු සංශෝධනය සිදුවන්නේ මෙරට දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට නම් ජාතික ප්‍රවාහන කොමිසමක් නඩත්තු කරන්නේ මන්දැයි රජයෙන් විමසා සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත යොමු කරන ලද නිවේදනයක මේ බව සදහන් කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ 6.5% බස් ගාස්තු සංශෝධනයක් සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුනද ඉන් ඔබ්බට ගොස් 12.5% ක බස් ගාස්තු සංශෝධනයක් සහ අවම බස් ගාස්තුව රුපියල් 12/- දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කටයුතු කිරීම බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට එරෙහිව යාමක් බවයි. බස් ගාස්තු සංශෝධනය කිරීම සදහා ඉන්ධන මිල, සේවක වැටුප්, දැවිතෙල් හා සේවා, ටයර්, අලුත් වැඩියා වියදම්, දෛනික වියදම්, මාසික වියදම්, වාර්ෂික වියදම්, ක්ෂයවීම්, කල්බදු හා වගකීම යන සාධක බලපාන අතර ගාස්තු සංශෝධනය වියයුත්තේ ඉහත සාධක වල වෙනස්වීම අනුව බවත් මෙම නිවේදනයේ තවදුරටත් සදහන්ව ඇත.

කෙසේ වෙතත් නැවත බස් ගාස්තු සංශෝධනයක් කළ හැකිව ඇත්තේ ජූලි මාසයේ වන බැවින් බස් ගාස්තු සංශෝධනය වහා හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් සමස්ත මගී ජනතාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතීමට සංගමය කටයුතු කරන බවත් මෙම නිවෙදනය තුළින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට