සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

“සයිටම්” අහෝසි නොකරන වත්මන් ආණ්ඩුව මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ දැඩි උත්සහක නිරතව සිටිනවා – මහජන රාජ්‍ය සභාව

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට කටයුතු නොකරන වත්මන් ආණ්ඩුව, මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ දැඩි උත්සහක නිරතව සිටින බව මහජන රාජ්‍ය සභාව අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහජන රාජ්‍ය සභාවේ සභානායක පූජ්‍ය, ආචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ මෙම “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව සදහා සටකපට විසදුම් ලබානොදී එම විද්‍යාලයේ දරුවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිකර දී මෙම ගැටළුව අවසන් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන බව ආණ්ඩුව විසින් පවසා සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර නොමැති බැවින් වහාම එම ගැසට් පත්‍රය පළකිරීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ මාධ්‍ය ලේකම්වරයා විසින් පවසා සිටින ලදී. මෙම අවස්ථාව සදහා මහජන රාජ්‍ය සභාවේ විධායක සභික වෛද්‍ය වසන්ද බණ්ඩාර මහතා ද සහභාගි විය.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට