සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම ගැන හිතන්නවත් බෑ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති සියළු මැතිවරණ සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන බව එම පෙරමුණෙහි සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ජී.එල් පීරිස් මහතා පවසා සිටියේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දෙස අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම පිළිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිතීමටවත් නොහැකි බවයි.

වත්මන් යහපාලන ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය හමුවේ රටේ ජනතාවට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උදාවි ඇති බවත් ඒ හේතුවෙන් එම ජනතාව පෙර නොවූ අන්දමින් වෛරීසහගතව ජීවත් වෙමින් සිටින බවද ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

යහපාලන ආණ්ඩුව බිහිකරගත් ප්‍රධාන පක්ෂ දෙක අතර වසර 02 ක් සදහා එළඹෙන ලද ගිවිසුමෙහි කාලසීමාව මේ වන විට ඉක්මවා ගොස් ඇති නමුත් එම ගිවිසුම දීර්ඝ කිරීමට මේ දක්වා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකළ බැවින් තවදුරටත් හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම සදහා වත්මන් ආණ්ඩුවට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බවද ඒ මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශ ද්‍රෝහි කටයුතු සිදුකරමින් සිටින එක්සත් ජාතික පක්ෂයට බලයේ රැදී සිටීමට උපකාර කරන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බව ද ජී.එල් පීරිස් මහතා තවදුරටත් කරුණු දක්වමින් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට