සත්‍යයේ පුවත් අඩහැරය….

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා ලෙස නුසුදුස්සෙක් පත්කරලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaවසංගත රෝග විද්‍යා ඒකකයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා ලෙස තාක්ෂණික දැනුමක් සහිත වෛද්‍යවරයෙකු පත්කිරීම දිගු කලක පටන් සිදුකරන ලද්දක් වුවද එවැනි නිසි සුදුසකමක් නොමැති වෛද්‍යවරයෙකු අදාළ තනතුර සදහා පත්කිරීම තුළින් මේ වන විට ගැටළු රැසක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් වෛද්‍ය අලුත්ගේ මහතා පවසා සිටියේ මෙවැනි පත්කරීමක් සිදුකිරීමේ අයහපත් ප්‍රතිඵල මේ වන විට අත්විදීමට සිදුව ඇති බවයි. ඒ අනුව දකුණු පළාත තුළ මේ වන විට ව්‍යාප්ත උණ රෝග තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කර නොමැති බවත් මෙම රෝගය ව්‍යාප්ත වන මුල් අවස්ථාවේදී ඒ සම්බන්ධය‍ෙන් පරීක්ෂණ සිදුකර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් අද උදාවී ඇති තත්ත්වය යම් තරමකට හෝ පාලනය කළහැකිවනු ඇතත් ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයාට අදළ තාක්ෂණික දැනුම නොමැති නිසා මෙතෙක් එවැන්නක් සිදුකර නොමැති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මේ වන විට ඇතිවී ඇති ගංවතුර ආපදා තත්ත්වයට මුහණ දීමට ද වසංගත රෝග විද්‍යා ඒකකයට මේ තත්ත්වය යටතේ නොහැකි වනු ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් වන වෛද්‍ය නවීන් ද සොයිසා සහ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට