සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණේ පැතිර යන රෝගය මැඩපවත්වන්න ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

Podu Jana Peramunaතිස්වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිසි නායකත්වය නිසා බව මෙරට සියළු ජනතාව විසින් ඉතා හොදින් දන්නා දෙයක් වන නමුත් යුද්ධය අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතා නොවන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පසුගියදා කරන ලද ප්‍රකාශය, ඔහුගේ අඥානභාවය විදහා දක්වන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී නානයක්කාර මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර මෙම ප්‍රකාශය හේතුවෙන් අනුර කුමාර දිසානායක මහතා මෝඩ පුද්ගලයෙකුගේ තැනට පත්ව ඇති බවද ඒ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි අතර සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මහ බැංකුව කොල්ල කන ලද වත්මන් ආණ්ඩුව, සමෘද්ධි බැංකුවද එසේ කොල්ලකෑමේ උත්සහයක නිරතව සිටින බවයි.

මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ දකුණු පළාත තුළ මේ වන විට පැතිර යමින් පවතින උණ රෝහය පාලනය කිරීමට වත්මන් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති බවයි. ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාකලාපය හමුවේ අන්ත අසරණභාවයට පත්ව සිටින මෙරට ජනතාව, පවතින කාලගුණය හේතුවෙන් තවතවත් පීඩාවට පත්ව සිටින බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට