සත්‍යයේ පුවත් අඩහැරය….

වෘත්තීය සමිති නායකයින් සතුටු කරන්න පාරිභෝගික අධිකාරිය නීත්‍යානුකූල නොවන විශේෂ වැටලීම් ඒකකයක් පිහිටුවලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaපාරිභෝගික කටයුතු පිළිබද අමාත්‍යවරයාට හිතවත් නොවන ව්‍යාපාරිකයින් මර්දනය කිරීම සදහා නීත්‍යානුකූල නොවන විශේෂ වැටලීම් ඒකකයක් පිහිටුවා ගනිමින් පාරිභෝගික අධිකාරිය
ව්‍යාපාරිකයන් දඩයම් කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ බව පවසා සිටින අතර 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ සදහන් නොවන ආකාරයට පිහිටුවාගෙන ඇති මෙම විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානියා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය පවා පැහැදිලිව නොදන්නා බව ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වේ.

පාරිභෝගික අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා වන ලංකා දික්කුඹුර යන විමර්ශන නිලධාරියා සතුටු කිරීමේ අරමුණින් එම විශේෂ වැටලීම් ඒකකය පිහිටුවා ඇති බවට තම සංවිධානය වෙත තොරතුරු ලැබී ඇති බවත් පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරියකු සදහා තිබිය යුතු මූලික සුදුසුකමක් වන විශ්වවිද්‍යාල උපාධිය පවා මෙම නිලධාරියාට නොමැති බවත් මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන්ව ඇත. වෘත්තීය සමිති නායකයින් සතුටු කරමින් නීති වීරෝධී ඒකක පිහිටුවා ජනතාව පීඩාවට පත් නොකරන ලෙසත් සාධාරණ ලෙස වැටලීම් සිදුකර කූඨ වෙළෙන්දන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට