සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

20 ගෙන ආ නිසා ජනතා විමුක්ති ‍පෙරමුණට පැසසුම්, පුරවැසි බලය සංවිධානය…

Podu Jana Peramuna20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන යෝජනාව පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් වශයෙන් පුරවැසි බලය සංවිධානය ජනතා විමුක්ති පෙරමුණට සතුට පළ කරන බව එම සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා අවධාරණය කරයි. පුරවැසි බලය සංවිධානය විසින් අද (30) දින මාධ්‍ය හමුවක් කැදවමින් මේ පිළිබදව අදහස් දැක්වූ අතර ඒ සදහා එම සංවිධානයේ සාමාජික චන්ද්‍රගුප්ත තේනුවර, වික්‍රමභාහු කරුණාරත්න, සරත් විජේසූරිය, කේ.ඩබ්.ජනරංජන, සුනිල් පෙරේරා යන අය සහභාගී විය. බලයට පැමිණෙන සෑම පුද්ගලයකුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පවසා සිටියද බලයට පැමිණි පසු එම පොරොන්දු අමතක කර දමන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වන ලදි . අපවත්වී වදාළ පුජ්‍ය සෝභිත හිමියන්ගේ අරමුණ අනුගමනය කර බලයට පැමිණි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එම පොරොන්දුව ලබා දුන් අතර මේ දක්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු නොකිරීම පිළිබදිව ජනාධිපතිවරයා ලැජ්ජා විය යුතු බව එම සංවිධානය අවධාරණය කරයි. ඉදිරිපත් කර ඇති 20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පාර්ලීමේන්තුවේදී සම්මත කර ගැනීම සදහා සියලූම මන්ත්‍රිවරුන්ගේ සහය ලබා දෙන ලෙස එම සංවිධානය විසින් මෙහිදී ඉල්ලීමක්ද කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට