සත්‍යයේ පුවත් අඩහැරය….

පිරිවෙන් අධ්‍යක්ෂවරයා ඉවත් කළ යුතුයි, පිරිවෙන් සුරැකීමේ සංවිධානය…

Podu Jana Peramunaපිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය ඥාණරතන හිමියන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අද වන විට පිරිවෙන් අධ්‍යාපනය විශාල ගැටලු රාශියකට මුහුණ දී ඇති බව පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි අවධාරණය කරයි. පිරිවෙන් සුරැකීමේ සංවිධානය විසින් ඊයේ (30) දින මාධ්‍ය හමුවක් කැදවා මෙම අදහස් පළ කරන ලදි. වැඩි දුරටත් අදහස් දක්වමින් උදිත හිමියන් පවසන්නේ පුජ්‍ය ඥාණරතන හිමියන්ගේ ධූර කාලය ඉක්මවා ගොස් අැති අවස්ථාවක තම බලතල භාවිතා කරමින් එම ධූරයේ රැදී සිටින බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ තනතුර ලබා දී ඇති බැවින් අධ්‍යාපන අමාත්‍යවරයාද ඒ සම්බන්ධයෙන් කිසිදු දෙයක් නොකර සිටින අතර අධ්‍යක්ෂවරයාගේ ධුර කාලය අවසන් වී ඇති නිසා එම ධූරය අධීක්ෂණය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තිස්ස හේවාවිතාරණ මහතා පත් කිරීමට කටයුත කර ඇති බවත් එයින් පිරිවෙන් ආයතන පරිපාලනයට තවත් ගැටලූ මතුවී ඇති බව අවධාරණය කර සිටියි.

අද වන විට පිරිවෙන් අධ්‍යාපනය සදහා අවශ්‍ය පෙළ පොත් කලට වේලාවට ලබා දීමටද අධ්‍යක්ෂවරයා අසමත්වී ඇති නිසා සම්බුද්ධ ශාසනයට ජනාධිපතිවරයා ගරු කරන්නේ නම් මෙම තනතුරු වෙනත් අයකුට ලබා දීමට කටයුතු කරන ලෙසත් එසේ නොකලහොත් සියලූම පිරිවෙන් ඒකරාශි කරගනිමින් පිරිවෙන් වසා දැමීමට කටයුතු කරන බව පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි අවධාරණය කරයි. මෙම මාධ්‍ය හමුව සදහා පුජ්‍ය කෝම්පිටියේ සිරි සුසීල හිමියන්ද සහභාගී විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට