සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීම ඊයේ (03) සිදුවිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්‌ත ලංකා කාරක සභාව ඊයේ (03) කොළඹදී රැස්‌වූ එහිදී පක්‍ෂයේ නව නිලධාරි මණ්‌ඩලය තෝරාපත් කර ගන්නා ලදී. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්ව ඇත. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පත්ව ඇති අතර තනතුර අහිමි වූ දුමින්ද දිසානායක මහතා පක්සයේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්කර තිබේ. පක්ෂයේ උපදේශකයින් වශයෙන් පත්ව ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න යන මහත්ම මහත්මීන්ය. භාණ්‌ඩාගාරික ලෙස පත්ව ඇත්තේ එස්‌.බී
දිසානායක මහතායි. නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස පත්කර ඇත. උප සභාපතිවරුන් ලෙස ඒ.එච්.එම්. ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණි සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල්ද සිල්වා සහ අංගජන් රාමනාදන් යන මහත්වරුන් පත්කරන ලදී. උප ලේකම්වරුන් වශයෙන් රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක, බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය සහ ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක යන මහත්වරුන් පත්කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාවට තෝරාපත් කර ගෙන ඇත. ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු මෙම අවස්‌ථාවට සහභාගි නොවීම විශේෂත්වයකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට