සත්‍යයේ පුවත් අඩහැරය….

දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු අමාත්‍ය බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaදිවිනැගුම අරමුදලට අයත් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව, ලබන අගෝස්තු 09 වනදා තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව අද (04) කැදවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 35.5 කට අධික රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ජී.අයි පයිප්ප බට මිලදී ගෙන ප්‍රාදේශීය සභාවලට බෙදාහැරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ. දිවිනැගුම අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන අයද මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්වී ඇති අතර පොදු දේපළ පනත යටතේ අදාළ නඩුව පවරා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට