සත්‍යයේ පුවත් අඩහැරය….

කලාකරුවන්ට අහිතකර වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය දැඩි ලෙස හෙළාදකිනවා – නිදහස් කලා සන්ධානය

Podu Jana Peramunaමෙරට කලාකරුවන් උපකාරයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම කලාකරුවන්ටම එරෙහිව කටයුතු කරමින් සිටින බව නිදහස් කලා සන්ධානය චෝදනා කර සිටියි. ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී නිදහස් කලා සන්ධානයේ සභාපති ප්‍රවීණ කලාකරු, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ඒ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ අද වන විට වත්මන් ආණ්ඩුව දියත් කරමින් සිටින නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට කලාකරුවන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි. මෙම අයහපත් තත්ත්වය හමුවේ ඉදිරියේදී රටතුළ නිර්මාණාත්මක හරයකින් තොර ටෙලිනාට්‍ය ඇතුළු චිත්‍රපට නිෂ්පාදනය වනු ඇති බවත් මෙම අසාධාරණ බදු අයකිරීමට එරෙහිව ඉදිරියේදී සමස්ත කලාකරුවන් ඒකරාශී කරගනිමින් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් දියත් කිරීමට කටයුතු කරන බවත් සුදත් රෝහණ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා නිදහස් කලා සන්ධානය නියෝජනය කරමින් එහි සාමාජිකයින් වන මෙරට ප්‍රවීණ නළු නිළියන් වන රෝහණ බැද්දගේ, පාලිත සිල්වා, සේමිණී ඉද්දමල්ගොඩ, අනූෂා දමයන්ති, ඩග්ලස් සිරිවර්ධන සහ ලාල් කුලරත්න යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට