සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළත් සිංගප්පූරු වෙළද ගිවිසුම සංශෝධනය කළ නොහැකි වීම පුදුම සහගතයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaමෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කළහැකි වුවද සිංගප්පූරුව සමග එළඹීමට නියමිතව ඇති නිදහස් වෙළද ගිවිසුම එසේ සංශෝධනය කළ නොහැකි ලෙස සකස් කර තිබීම පුදුම සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය විසින් අද (07) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ, ගිවිසුමට අදාළ සංශෝධන සිදුකළ හැකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවසා සිටි නමුත් තනි පුද්ගල කැමැත්තට එවැනි සංශෝධන සිදුකළ නොහැකි බවත් ඒ සදහා සිංගප්පූරු රජයේද කැමැත්ත හෝ අකමැත්ත බලපාන බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව වියයුතු බව ජනතාව විසින් තීරණය කර ඇති බව පෙනී යන අතර ජනාධිපතිවරයා පවා ඒ බව පිළිගන්නා බවයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිතව ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුළා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් රට අරාජික තත්ත්වයට ඇද දමන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නොදැන හෝ සහය දැක්වීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී තවදුරටත් කරුණු අවධාරණය කර සිටින ලදී.

මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් එක් මතයකට පැමිණ නියෝජ්‍ය කථානායක ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කිරීම තම පිරිස ලද ඉහළ ජයග්‍රහණයක් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම මහ ලේකම් ධූරයෙන් ඉවත් කර ජාතික සංවිධායකවරයා ලෙස පත්කරන ලද්දේ ඔහුව පක්ෂයෙන් එළවා දැමිය නොහැකි නිසා බවත් ඩිලාන් පෙරේරා මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට