සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ – මඩකළපුව රාත්‍රී තැපැල් දුම්රිය තුළ ගැබිණි කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසුත කරලා, දෙදෙනාම සුවෙන්..

Podu Jana Peramunaකොළඹ සිට මඩකළපුව බලා ධාවනය වෙමින් පැවති රාත්‍රී තැපැල් දුම්රිය තුළ ඊයේ (06) රාත්‍රි කාලයේදී ගැබිණි කාන්තාවක් විසින් දරු ප්‍රසුතියක් සිදුකර ඇති බව වාර්තා වේ. අදාළ කාන්තාව මඩකළපුව, කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක් වන අතර ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ. අදාළ දුම්රිය ධාවනය වෙමින් පැවතියදී එහි ප්‍රසූත වේදනාවෙන් පෙළෙමින් සිටි මෙම කාන්තාව දුටු දුම්රිය ආරක්ෂක නිලධාරියා ඒ සම්බන්දයෙන් හබරණ පොලීසිය දනුවත් කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ එම පොලිස් නිලධාරීන් මෙම තත්ත්වය, හබරණ රෝහලේ වෛද්‍යවරයාට දැනුම්දී තිබේ. පසුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ගිලන් රථයකින් හබරණ දුම්රිය ස්ථානය වෙත පැමිණ දුම්රියද හබරණ දුම්රිය ස්ථානයේ නතර කරවා අදාළ කාන්තාව සහ ප්‍රසූත කරන ලද දරුවා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මේ වන විට මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට