රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර අත්අඩංගුවට..
පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, බීමතින් රිය පැදවීම සහ තහනම් පිහි ආඥාපනත යටතේ අවි ආයුධ ළග තබා ගැනීම යන චෝදනා යටතේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වාරිමාර්ග අමාත්‍යංශයේ කැබ් රථයක් පදවමින් සිටියදී පසුගිය 06 වනදා අළුයම් කාලයේ හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී යශෝධ රංගේබණ්ඩාර මහතා අනතුරට ලක්වූ අතර ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.