සත්‍යයේ පුවත් අඩහැරය….

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යැයි බියෙන් කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට ආණ්ඩුව ගෝඨාභයට චෝදනා කරමින් ඉන්නවා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaමාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා කිරීමේ දැවැන්ත උත්සහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු, මේජර් අජිත් ප්‍රසන්න මහතා විසිනි. සිය අදහස් පළකරමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ 2020 ජනාධිපතිවරණය සදහා පොදු විපක්ෂය වෙනුවෙන් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයකෙු ලෙස ඉදිරිපත්වීම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම උත්සහය දියත් වෙමින් පවතින බවයි. දුරකථන ඇමතුම් ලබාදීම් සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට ගෙන, කිසිදු සාක්ෂියක් හෝ එම ඇමතුමක පටිගත කිරීමකින් තොරව ඒ හරහා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පහරදීමේ සිද්ධියට වරදකරුවන් කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවද අජිත් ප්‍රසන්න මහතා සිය අදහස් පළකරමින් වැඩිදුරටත් පවසා සිටින ලදී. වත්මන් අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් යම් පුවතක් පළකිරීම නිසා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී ඇත්තේ සරත් ෆොන්සේකා මහතා විසින් බවත් එම කාලවකවානුවට සාපෙක්ෂව මේ වන විට ෆොන්සේකා මහතා වඩාත් බලගතුව ඇති නිසා මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරක් රෑනක් ලෙස කටයුතු කරමින් සිටින බැවින් කීත් නොයාර් මහතා මෙරටට නොපැමිණ විදෙස් ගතව සිටින බවද අජිත් ප්‍රසන්න මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සාමාජිකයින් වන විශ්‍රාමික කර්නල් සමිත ඉමදුවගේ සහ විශ්‍රාමික මේජර් මොහන් සිල්වා සහ විශ්‍රාමික බලලත් නිලධාරී සරත් විජේතුංග යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට