සත්‍යයේ පුවත් අඩහැරය….

එජාපයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් 06 නියෝජ්‍ය අමාත්‍ය ධුරයන් සදහා දිවුරුම් දෙයි…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරයන් සදහා අද (12) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව ඇත.

මෙම උත්සවය පැය 0900 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අජිත් මාන්නප්පෙරුම, රංජිත් අලූවිහාරේ, නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන සහ එඞ්වඞ් ගුණසේකර යන මන්ත්‍රිවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මෙහිදී දිවුරුම් දෙනු ඇත. ඒ අනුව ලකී ජයවර්ධන කදුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අජිත් මාන්නප්පෙරුම මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, රංජිත් අලූවිහාරේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එඞ්වඞ් ගුණසේකර අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, නලින් බණ්ඩාර රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, බුද්ධික පතිරණ වෙළද වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට නියමිතව ඇත.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට