සත්‍යයේ පුවත් අඩහැරය….

සංහිදියාව ඇතිකිරීමට විදෙස් නිලධාරීන් සම්බන්ධ කරනොගෙන, දමිළ ජනතාවගේ ගෞරවයට පත්වූ කර්නල් රත්නප්‍රිය වැනි හමුදා නිලධාරීන් යොදාගන්න – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

Podu Jana Peramunaමෙරට තුළ සංහිදියාව ඇතිකිරීම සදහා විදෙස් නිලධාරීන් සම්බන්ධ කරනොගෙන, උතුරේ දමිළ ජනතාවගේ දැඩි ගෞරවාදරයට පත්ව සිටින කර්නල් රත්නප්‍රිය බන්දු වැනි හමුදා නිලධාරීන් යොදාගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ල සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. සිය අදහස් දක්වමින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් පවසා සිටියේ හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් යුද අපරාධ සිදුකළ බවට තමන් සතුව සාක්ෂි ඇතැයි, හිටපු හමුදාපති වත්මන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවයි. කර්නල් රත්නප්‍රිය බන්දු නිලධාරියා සේවා මාරුවීමක් ලබා පිටව යාමේදී උතුරේ දමිළ ජනතාව එතුමාට මල්මාලා දමා කළගුණ සැලකීම, මියගිය කොටි සාමාජිකයින් හට සිදුකරන අවමානයක් බවට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා විසින් ප්‍රකාශ කර ඇති බවද අජිත් ප්‍රසන්න මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

රජය උතුරු පළාත තුළ කිසිදු සංවර්ධනයක් නොකරන බව දමිළ ජනතාවට ඒත්තු ගැන්වීම සදහා, එම සංවර්ධන කටයුතු වලට රජය විසින් ලබාදෙන ලද මුදල් වැය නොකර යළි මහාභාණ්ඩාගාරයට එවීමට උතුරු පළාත් දේශපාලඥයින් විසින් කටයුතු කරන ලද බව ද සිය අජිත් ප්‍රසන්න මහතා මෙහිදී පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සාමාජිකයින් වන විශ්‍රාමික කර්නල් සමිත ඉමදූවගේ, විශ්‍රාමික මේජර් මොහාන් සිල්වා යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට