මාකදුරේ මධුෂ්ගේ ගෝලයේ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට..
මාකදුරේ මධුෂ් නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධානතම ගෝලයින් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයින් තිදෙනා මහනුවර කඩුගන්නාවේ හෝටලයක් තුළ සිටියදී මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාකදුරේ මධුෂ් නැමති පාතාල කල්ලි සාමාජිකයා විසින් සිදුකරනු ලබන මත්ද්‍රවය ජාවාරම්, කප්පම් ගැනීම් ආදි කටයුතු සංවිධානය කරනු ලබන පිරිසක් බවද වාර්තා වේ. මහනුවර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.