සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදේශිය කටුස්සන් තොගයක් ගුවනින් අනවසරෙන් මෙරටට…

Podu Jana Peramunaකටුසු වර්ගයකට අයත් විදේශිය කටුස්සන් තොගයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. අදාළ පාර්සලය කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට එවා තිබූ අතර අදාළ පුද්ගලයාව දැනුවත් කිරීමට කටයුතු කළද එම තොරතුරු ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසුව ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් එක්ව එම පාර්සලය විවෘත කර බලන විට භාවිතා කළ පරිගණකයක් තුළ මෙම සතුන් 32 දෙදෙනා කුඩා රෙදි මලු 05 ක දමා ඇති බවට නිරීක්ෂණය වී ඇත. පසුගිය (13) දින රාත්‍රී 11.40 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම පාර්සලය මෙරටට එවා අැති අතර මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා අද (15) දින මෙම සතුන් යළිත් ඕස්ට්‍රේලියාව බලා ආපසු යැවීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

දෙහිවල සත්ව උද්‍යානයයේ නිලධාරීන් , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නීරෝධායන අංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගුවේ වන සත්ව ආරක්ෂක නිලධාරීන් විසින් මෙම සත්ව විශේෂයෙන් අප රටේ කෘෂි බෝග වගාවන්ට හානිකර සත්ව විශේෂයක් ද,රෝග කාරක පතුරුවන විෂ සහිත සත්ව විශේෂයක් ද යන්න පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීමක් බව රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට