සත්‍යයේ පුවත් අඩහැරය….

මිලේනියම් සිටි සිදුවීමේදී ඥානසාර හිමිගේ රණවිරු කැක්කුම තිබුනේ කොහේදැය ගැටළුවක් – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා විසින්, මිලේනියම් සිටි සිදුවීම හරහා මෙරට රණවිරුවන් පාවාදුන් අවස්ථාවේදී සිංහල, බෞද්ධ ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තුළ කැක්කුමක් නොතිබුනේ මන්දැයි විමසා සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි.ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු, මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් පවසා සිටියේ ඕනෑම අවස්ථාවක ඇමෙරිකාවට යාමට ඒමට හැකි පරිදි 2011 වසරේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට වීසා ලැබුනු බවත් එවැනි අවස්ථාවක් හිමිවූයේ, උන්වහන්සේ බෙදුම්වාදයේ ඉත්තෙකු බවට පත්වීම නිසා විනා බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නිසා නොවන බවයි. මෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් මහතාගෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදල් ලබාගෙන ඇති බවට මේ වන විට තොරතුරු හෙළිවී ඇති අතර ඒ හරහා මෙරට පාර්ලිමේන්තුව ජරාජීර්ණ ස්ථානයක් බවට පත්ව ඇති බවද අජිත් ප්‍රසන්න මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදී.

අධිකරණය තුළදී භික්ෂුවක් වේවා, සාමාන්‍ය ජනතාව වේවා නීතිය ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයකට බව කිසිදු අවස්ථාවක රණවිරුවන් වෙනුවෙන් පෙනී නොසිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නොදැන සිටිය නොහැකි බවත් 2015 වසරේදී උන්වහන්සේ දියත් කරන ලද උපක්‍රමය සාර්ථකවීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වීමට සිදුවූ නමුත් එවැනි උපක්‍රමයක් දියත් කිරීමට 2020 දී කිසිදු අවස්ථාවක් උන්වහන්සේට ලබානොදෙන බවත් අජිත් ප්‍රසන්න මහතා මෙහිදී තවදුරටත් කරුණු අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍යහමුව සදහා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සාමාජිකයින් වන විශ්‍රාමික රණවිරු කර්නල් රොහාන් ද සිල්වා සහ කර්නල් විමලනාත් පෙරේරා යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට