සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදී එ.ජා.ප විරෝධි බලවේගයන්ගේ ශක්තිය මනාව පිළිබිඹු වේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමග තම කණ්ඩායම මේ වන විට සමීප සම්බන්ධතාවයක් පවත්වනු ලබන බවත් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සදහා තම කණ්ඩායමේ සාමාජිකයින්ද සහභාගි වීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසා සිටියි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් තම මන්ත්‍රී කණ්ඩායමට යම් යම් චෝදනා එල්ල කළද ඒකාබද්ධ විපක්ෂයේ ඉහළ පෙළේ නායකයින් තම කණ්ඩායම සමග එක්ව විවිධ දේශපාලන තීන්දු තීරණ ගනිමින් සිටින බවයි. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ මේ වන විට මෙරට නීති අංශය තුළ ඇතිවී තිබෙන යම් යම් ගැටළු සහගත තත්ත්වයන් නිරාකරණය කරගැනීම සහ සාධාරණ අධිකරණ පද්ධතියක් ඇති කරගැනීමේ අරමුණ ඇතිව නීති කාර්යාලයක් පිහිටුවීමට තම මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන ලද බවයි.

මෙම වසර අගභාගයේදී පළාත් සභා මැතිවරණය හෝ 2020 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වූවහොත් එක්සත් ජාතික පක්ෂ විරෝධි බලවේගයන්ගේ ශක්තිය මනාව පිළිබිඹු වනු ඇති බවද ඒ මහතා තවදුරටත් පවසා සිටින ලදී. හමුදා පාලනයක් තුළින් හෝ යළි මේරට ගොනැගීමට කටයුතු කළයුතව ඇතැයි පසුගිය දා අස්ගිරි මහනාහිමි විසින් සිදුකරන ලද ප්‍රකාශයට අනුව වත්මන් පාලනය තුළින් රටේ ජනතාව කොතරම් පීඩාවට පත්ව සිටින්නේදැයි තේරුම්ගත හැකි බවත් ඩිලාන් පෙරේරා මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට