සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කඩේ නොයන ඥානසාර හිමියන්ට රාජයෝගයක් පවා තිබෙන බව අමතක කරන්න එපා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කඩේ නොයන බවත් උන්වහන්සේට රාජයෝගයක් පවා තිබෙන බව අමතක නොකරන ලෙස ඉල්ලි සිටින බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මෙම අදහස් පළකරන ලදී. මෙහිදී සිය අදහස දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසා සිටියේ ගමේ සාමාන්‍ය අාකාරයට, ග්‍රාමනිලධාරිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙරට ජනාධිපතිවරයා වීමට හැකිවූයේ නම් ඥානසාර හිමියන්ටද එවැන්නක් සිදුකළ හැකි බවයි.

මීළග ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන ඡන්ද අහිමි කිරීමේ අරමුණින් ඥානසාර හිමියන් එම මැතිවරණයට ස්වාධීනව ඉදිරිපත්වන්නේ යැයි පදනම් විරහිත අදහස් මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ මන්දැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප්‍රසන්න මහතාගෙන් විමසා සිටින බවද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි අවධාරණය කර සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව සහභාගි නොවීම නිසා කල්දමන ලද ඥානසාර හිමියන්ගේ ඇප අයදුම්පත යළි සලකා බැලීමද නිසි පරිදි සිදුනොවුනහොත් උන්වහන්සේගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බවයි.

එම ඇප අයදුම් පත සලකා නොබලා, සති අන්ත දිනයන් වන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදීද ඥාණසාර හිමියන් තවදුරටත් සිරගත කරතැබීමේ උත්සහයක් දියත් වෙමින් තිබෙන බවද පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහභාගි නොවූවද ඥාණසාර හිමියන්ට ඇප ලබාදීමට අවශ්‍ය වන ප්‍රතිපාදන විනිසුරුවරයා සතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු විද්වතුන් විසින් පවසා ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව මෙරට පවතින දූෂිතම ආයතන කිහිපයෙන් එකක් යැයි පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා ඇති බවත් ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයින් වන පූජ්‍ය දියසෙන්පුර විමල, පූජ්‍ය සන්සුන්ගම ඥාණරතන සහ පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද යන ස්වාමීන් වහන්සේලාද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට