පක්‍ෂ ලේකම්වරු සහ මැ.කො අතර අද සාකච්ඡාවක්..
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් අද (26) පෙරවරුවේදී මැතිවරණ කොමිසම වෙත පැමිණීමට නියමිතව ඇත. ඉදිරි පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ගතයුතු තීන්දු, තීරණ පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙම කැදවීම සිදුකර ඇති අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට මෙම සාකච්ඡාව සිදුකිරීමට නියමිතව ඇත.