සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලිච්ඡවි ක්‍රමයට සහ දසරාජ ධර්මයන්ට අනුව රට පාලනය කරන බව පවසා බලයට ආ ආණ්ඩුව අයථා ලෙස ජනතාවගෙන් බදු අයකරගනිමින් සිටිනවා – අන්තර් සමාගම් සේවක සංගමය

Podu Jana Peramunaසේවක අර්ථ සාධක අරමුදල සහ දේශීය ආදායම් පනත හරහා ජනතාවගෙන් අයථා ලෙස බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය පවසා සිටියි.ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර සිටියේ ජනතාවගෙන් අසාධාරණ ලෙස බදු අයකරනොගන්නා බව සදහන් කරමින් පුවත්පත්වල දැන්වීම පළකරන වත්මන් ආණ්ඩුව එම ප්‍රකාශයන්, අසත්‍ය ප්‍රකාශයන් බවට පත්කරමින් මෙම අයථා බදු අයකරගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලින් සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ පවා පහළ යන බවයි. ලිච්ඡවි ක්‍රමයට සහ දසරාජ ධර්මයන්ට අනුව රට පාලනය කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කිරීම කිසිදු අයුරකින් අනුමත කළනොහැකි බවද වසන්ත සමරසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් සේවක අර්ථ සාධක අරමුදලින් පමණක් නොව විශ්වවිද්‍යාල සේවක අර්ථ සාධක අරමුලෙහි මුදල්ද කොල්ලකා ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා දෙවැනි ජනාධිපත කොමිෂන් සභාවක්ද පත්කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් වසන්ත සමරසිංහ මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට