සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්වවිද්‍යාල සේවක අර්ථ සාධක අරමුදලත් මහ බැංකු බැදුම්කර වංචාවේ පැටලිලා – විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Podu Jana Peramunaශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මගින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී මහ බැංකු බැදුම්කර වංචාවෙහි තවත් එක් පැතිකඩක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. ඊයේ (25) කොළඹ විශ්වවිද්‍යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අරුණ කුමාර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ආචාර්ය අරුණ කුමාර මහතා තවදුරටත් පවසා සිටියේ අදාළ හෙළිදරව් වීම අනුව 20000 ක් පමණ වන විශ්වවිද්‍යාල සේවකයින් දායකත්වය දරණ විශ්වවිද්‍යාල සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්ද වංචාසහගත, මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සිදුකිරීම සදහා යොදා ගෙන ඇති බව අනාවරණය වී ඇති බවයි. සිය අදහස් දක්වමින් අරුණ කුමාර මහතා කවදුරටත් පවසා සිටියේ විශ්වවිද්‍යාල සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් මිලියන ගණනක දැවැන්ත පාඩුවක් සිදුව ඇති මෙම සිදුවීම පිළිබදව, මෙම අරමුදල සම්බන්ධයෙන් වන සියළු තීන්දු තීරණ ගනුලබන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කිසිදු විගවීමක් නොමැති බවත් යහපාලනයේ වගවීම පිළිබවද ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා පවසා සිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් විශ්වවිද්‍යාල සේවක අර්ථ සාධක අරමුදලින් රුපියල් මිලියන 880 කට වඩා වැඩි ප්‍රමාණයක්, අරමුදලෙහි සාමාජිකයින් දැනුවත් නොකර සහ ඔවුන්ගේ කිසිදු අවසරයකින් තොරව මහ බැංකු බැදුම්කර මිලදීගැනීම සදහා යොදවා ඇති බවත් මේ සම්බන්ධයෙන් නිසි, අපක්ෂපාති සහ පැහැදිලි පරීක්ෂණයක් සිදුකළයුතුව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, හිටපු ලේකම් මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරික කථිකාචාර්ය රොහාන් ලක්සිරි යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට