සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

FCID ය පිහිටුවා ඇත්තේ නීති විරෝධි ලෙසයි, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විධායකයේ යකඩ සපත්තුවට යටවෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaහිට්ලර් උදාහරණයට ගනිමින්, මෙරටට මිලිටරි පාලනයක් අවශ්‍ය බවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් පසුගිය දිනෙක සිදුකරන ලද ප්‍රකාශය, මෙරටට සෘජු, දැහැමි පාලකයෙක් අවශය බව අවධාරණය කිරීමේ අරමුණින් යුතුව සිදුකරන ලද්දක් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසා සිටියි. එම සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු, මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (25) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා පවසා සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්ම මහත්මීන් සාමාජිකත්වය දරණ ජාතික විධායක කමිටුව විසින් පිහිටුවන ලද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ලබන පිරිස් දඩයම් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන බවයි. පොලිස් ආඥාපනතේ 55 වන වගන්තියට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවා ඇති බව සදහන් කරමින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට පොලිස්පතිවරයා විසින් අත්සන් කර ඇති අතර එම 55 වන වගන්තියේ සදහන්ව ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ භට නිවාස නීති රීති සම්බන්ධයෙන් වන බැවින් එම වගන්තිය යටතේ මෙම ආයතනය පිහිටුවන්නේ කෙසේදැයි විමසා සිටින බවද අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් පවසා සිටින ලදී.

එමෙන්ම යම් පොලිස් කොට්ඨාශයක් පිහිටුවීමේ බලය ඇත්තේ ආරක්ෂක අමාත්‍යවරයාට හෝ සේනාධිනායකයාට පමණක් වන බැවින් ඉහත ගැසට් පත්‍රයට අත්සන් කිරීමට පොලිස්පතිවරයාට කිසිදු බලයක් නොමැති බවත් මෙම හේතූන් නිසා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවා ඇත්තේ නීතිවිරෝධී ආකාරයට බව මනාව පසක් වන බවත් අජිත් ප්‍රසන්න මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විධායකයේ යකඩ සපත්තුවට යටවී ඇති බව පැහැදිලි වන අතර ආණ්ඩුව පවසා සිටින ආකාරයට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය බලවත් නම් වහාම මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කර වරදකරුවන්ට දඩුවම් ලබාදීමට කටයුතු කළයුතු බවත් ඒ මහතා මෙහිදී පවසන ලද අතර තැන් තැන්හි රැස්වීම් තබමින් සහ සාකච්ඡා පවත්වමින් ගතකළ කාලය මේ වන විට ප්‍රමාණවත් බැවින් වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව නැගීසිටිය යුතු කාලය එළඹ ඇති බව ඒකාබද්ධ විපක්ෂයට අවධාරණය කර සිටින බවත් අජිත් ප්‍රසන්න මහතා සිය කරුණු දක්වමින් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සාමාජිකයින් වන මේජර් මොහාන් සිල්වා සහ කපිතාන් අසේල ධර්මසිරි යන මහත්වරුන්ද සහභාගි විය.
.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට