සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් එක් අංශයක් සදහා පමණක් වැටුප් වැඩිකිරීමෙන් ගැටළු රැසක් මතුවෙලා – දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව

Podu Jana Peramunaජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ සේවා දෙපාර්තමේන්තුව සහ නීති ක්ෂේත්‍රයන්හි වැටුප් 300% කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර ඒ තුළින් රාජ්‍ය සේවය තුළ දැවැන්ත ගැටළු රැසක් ඇතිවී තිබෙන බව දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි. ඊයේ (25) කොළඹ, විද්වත් වෘත්තිකයින්ගේ සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සාමාජික, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

තවදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම තත්ත්වය හමුවේ ඉහළ අධ්‍යාපනයක් ලබා, රටට මෙන්ම ජනතාවට විශේෂිත සේවයක් සිදුකරන ක්ෂේත්‍රයන් රැසක සේවකයින් සිය සේවය ඉටු කිරීමේදී දෙවරක් සිතීමට පෙළඹී ඇති බවයි. රට සංවර්ධනය කරන්නේ, රටත් රජයත් ඉදිරියට ගෙනයන්නේ නීති ක්ෂේත්‍රයේ සේවකයින් විසින් පමණක්දැයි විමසා සිටීමට සිදුවන බවත් මෙම ගැටළුකාරී තත්ත්වය විසදීම සදහා ලබන ජූලි මස 11 වන දිනතෙක් කල් ලබාදෙන අතර එම සති දෙකක කාලය තුළ නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගන්ට එළඹෙන බවත් නිමල් කරුණාසිරි මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මේ වසරේ අප්‍රේල් මස සිට මෙරට රාජ්‍ය සේවකයින්ගෙන් බදු අයකරගැනීමට කටයුතු කරඇති බවත් සොච්චම් වැටුපක් ලබන රාජ්‍ය සේවකයින් ව්‍යාපාරිකයින් ලෙස සලකා මෙසේ බදු අයකරගන්නේදැයි විමසා සිටින බවද නිමල් කරුණාසිරි මහතා පවසා සිටින ලදී. මෙම අවස්ථාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ 2006 වසරේදී ජාතික වැටුප් කොමිසම යථාර්තයක් බවට පත්කරමින් එය එළිදැක්වීමට කටයුතු කරන ලද අතර එසේ තිබියදී අසාධාරණ ලෙස එක් සේවා අංශයකට පමණක් මෙසේ වැටුප් වැඩිකිරීම නිසා දැඩි ගැටළුකාරී තත්ත්වයන් රැසක් රාජ්‍ය සේවය තුළ මතුව තිබෙන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් වෛද්‍ය එච්.ඒ.එල් උදයසිරි, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රදීප් මානවඩු යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට