පොසොන් දන්සැල් පරීක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්..
පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් පරීක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. ඒ අනුව ඒ සදහා විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම් යෙදවීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මේ වන විට පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 4397 ක් ලියාපදිංචි කර ඇති බවද එම සංගමය තවදුරටත් පවසා සිටියි.