ශ්‍රී.ල.නි.ප යේ 16 කණ්‌ඩායම අද බැසිල් හමුවෙයි..
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්‌ඩායම සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. අද පස්වරු 04.00 ට බත්තරමුල්ලේ පිහිටි, ශ්‍රී ලංකා පොදුජන පක්‌ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.