සත්‍යයේ පුවත් අඩහැරය….

සිංගප්පූරු ගිවිසුම ගැන විවාදයකට එන්න, අමාත්‍ය මලික්ට තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයෙන් අභියෝගයක්..

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය නොමග යවමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් අත්සන් කිරීමට කටයුතු කර ඇති සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම හරහා මෙරටට විදෙස් ශ්‍රමිකයින්ගේ පැමිණීම සිදුවන බැවින් ඒ තුළින් මෙරට සේවා අංශයට දැඩි අර්බුදකාරී ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් අස්ගිරි, මල්වතු මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලද නමුත් මෙම ගිවිසුම තුළින් රටට කිසිදු අවාසි සහගත තත්ත්වයක් ඇතිනොවන බව සදහන් කරමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින්ද මහ නායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර ඇති බවයි. අදාළ ගිවිසුම තුළින් රටට අවාසි සහගත තත්ත්වයක් ඇතිනොවන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි නම් ඒ සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස එතුමාට සහ එම අමාත්‍යංශ බලධාරීන්ට අභියෝග කර සිටින අතර එසේ විවාදයකට පැමිණිය නොහැකි නම් වහාම තම තනතුරු විලින් ඉවත්වන්නැයි එම පිරිසට අවධාරණය කර සිටින බවද ලසන්ත වික්‍රමසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති කපිල පෙරේරා සහ උප සභාපති අංජන බ්‍රාහ්මණ යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට