සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමේ ඉල්ලීමට ප්‍රතිචාරයක් නෑ, අද මධ්‍යම රාත්‍රිෙය් සිට වර්නයකට එනවා – ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaසිය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා අද (01) මාධ්‍යම රාත්‍රිෙය් සිට පැය 48 ක වර්ජනයක් දියත් කරන බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ප්‍රවාහන ගාස්තු ඉහළ දමන ලෙස මීට පෙර සිටම කිහිපවාතවක්ම ඉල්ලීම් සිදුකළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විසදුමක් ලැබී නොමැති බැවින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කළ බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. ඉන්ධන මිල ඉහළයාම හමුවේ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුත්තක් වන බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ ජනතාව යම් අපහසුතාවයකට පත්වන්නේ නම් එහි වගකීම විෂය භාර අමාත්‍යවරයා විසින් භාරගතයුතුව ඇති බවත් ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තවදුරටත් පවසා සිටියි.

ඊට හේතු දක්වන එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පෙන්වා දුන්නේ “ඉන්ධන මිල වැඩිවීමත් සමග අපි ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න කියලා අපි ඉල්ලීම් කළා. මේ වෙනකම් විසඳුමක් ලැබිලා නෑ. ඒ හේතුව නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අපි එළඹෙනවා. මේ නිසා මහජනතාව සමහරවිය අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. තෙල් ලැබීම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ සම්පූර්ණ වගකීම ඇමතිතුමා භාර ගන්න ඕනේ” යනුවෙනි.

YOU MAY ALSO LIKE කළුතර ඥානෝදය විද්‍යාලයේදී ‘CBL සේරා’ සමග ‘යූ ආර් අ ලීඩර්’ දෙවන දින මෙහෙයුම අරඹයි (UPDATE) 1170 2018-07-01 නාමල්ගේ බාප්පා කෙනෙක් කියපු කතාවක් මංගල මතක් කර දෙයි 589 2018-07-01 මිලියන 13ක මත්ද්‍රව්‍ය ගිලලා ඇවිත් (PHOTOS) 271 2018-07-01 මහින්ද හා චීන ගනුදෙනු ගැන තවත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා- නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනිය 450 2018-07-01 ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක – තෙල් සැපයුම් අඩු විය හැකිලු 281 2018-07-01 රෝයි ද සිල්වා නික්ම යයි 3904 2018-07-01

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට