සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ලැබූ අධිකරණ තීන්දුව සමස්ත රාජ්‍ය සේවයම ලද ජයග්‍රහණයක් – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaඅනුරාධපුර, නිවන්තකචේතිය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට අත්තනෝමතික ලෙස ස්ථානමාරුවක් ලබාදුන් හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට එරෙහිව අධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව, ගුරුවරුන් පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයම ලද දැවැන්ත ජයග්‍රහණයක් බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ දේශපාලන උන්මන්තකයින් ලෙස හැසිරෙන සහ එසේ හැසිරීමට බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාට අධිකරණයෙන් ලබාාදන ලද මෙම තීන්දුව අතුල් පහරක් බවයි. මෙම සිදුවීමේද සෘජුව කටයුතු කළ අනුරාධපුර, නිවන්තකචේතිය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාටත්, අදාළ නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ටත් සිය සංගමයේ ස්තුතිය පළකරන බවද මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා ස්ථානමාරුවීමට ලක්වූ අනුරාධපුර, නිවන්තකචේතිය විද්‍යාලයේ හිටපු විදුහල්පති, නීතිඥ සුනිල් වටගල සහ ලංකා ගුරු සේවා සංගමයේ සාමාජික ධම්මික අලහකෝන් යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට