සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලන අතපෙවීම් නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයම දැඩි පසුබෑමකට මෙන්ම විනාශයකට ලක්ව අවසන් – අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව

Podu Jana Peramunaදේශපාලන අතපෙවීම් හේතුවෙන් මෙරට ජීවනාලිය ලෙස සැලකිය හැකි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයම දැඩි පසුබෑමකට මෙන්ම විනාශයකට ලක්ව ඇති බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා දේශපාලන පත්වීම් ලබානොදෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගිය අතර ඒ අනුව නිසි පරිදි ඒ ඒ සේවා ව්‍යවස්ථාවන්ට අනුව අදාළ පත්වීම් ලබාදෙන්නැයි අධිකරණය දැනුම්දී ඇතත් බලධාරීන් මේ වන විට එම නියෝගයට පටහැනිව කටයුතු කරමින් සිටින බවයි.

වත්මන් ආණ්ඩුව මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා පත්වීම් 1200 ක් අත්තනෝමිතක ලෙස ලබාදීමට සූදානම්ව සිටින අතර ඊට විරෝධය පළකරමින් හෙට (04) දිනය තුළ දිවයිනේ සියළු පාසැල් වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, කලාප හා කොට්ඨාශ කාර්යාල නිලධාරීන් ඇතුළු සමස්ත පාසැල් පද්ධතියම ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බවද ජෝෂප් ස්ටාලින් මහතා තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් පූජ්‍ය යල්වෙල පඤ්ඤාසාර හිමි, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු, විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක, ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහකෝන් සහ ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට