සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෙළවරපිටිය ස්වාභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් චීන සමාගමකට ලබාදීමේ තීරණය හෙළා දකිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඅවම ලංසුවක් ඉදිරිපත් කරන ලද මෙරට සමාගමක් සිටියදී කෙළවරපිටිය ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමක් වෙත ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මේ වන විට ජීවින වියදම ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එළවළු මිල ද විශාල ලෙස ඉහළ යාම නිසා මෙරට පාරිභෝගිකයින් දැඩි පීඩාවකට පත්ව සිටින බවත් මේ සම්බන්ධයෙන් යම් විසදුමක් ලබාදීම සදහා බලධාරීන් වහමා මැදිහත්විය යුතුව ඇති බවත් රංජිත් විතානගේ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසා සිටියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ තැටිය මේ වන විට රත්වී ඇති නිසා රටේ වංචා සහ දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට එම කොමිසමට හැකියාව ඇති බවයි. මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ යැයි චෝදනා එල්ලවී ඇති පිරිස් මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස පත්ව ඇති අතර එසේ කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද ප්‍රතිභා මහානාමහේවා මහතා තවදුරටත් පවසා සිටින ලදී. මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ යැයි චෝදනා එල්ලවී තිබෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට සිංගප්පූරුවේ සිටින අතර උදර්පන නීතිය යටතේ ඔහුව මෙරටට ගෙන්වීමට නොහැකි බවත් සිංගප්පූරුව ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සදහා අවස්ථාවක් ලබානොදෙනු ඇති බවත් ප්‍රතිභා මහානාමහේවා මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට