යාපනය කොට්ඨාසයේ සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ..
යාපනය කොට්ඨාසයේ සේවය කරන සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (04) සිට ඉදිරි සති දෙකක කාලය තුළ අවලංගු කර ඇතැයි වාර්තා වේ. යාපනය ප්‍රදේශයේ “ආවා කල්ලිය” සම්බන්ධයෙන් නිසි විමර්ශනයන් සිදු කිරීමේ අරමුණ ඇතිව මෙසේ නිවාඩු අවලංගු කර ඇති බව උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියි.