සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය ගැන සංඝරත්නයේ විරෝධය..

Podu Jana Peramunaළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබදව පසුගියදා සිදුකරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිය දැඩි විරෝධය පළකර ඇත. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කර සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීම ඇගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ කාර්යයක් වන බවයි. දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළකර තිබේ. රාජ්‍ය අමාත්‍යවරියගේ ඉහත ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝය වන බව උන්වහන්සේ අවධාරණය කර සිටියි. රට තුළ යම් භීතියක් ඇති කරමින් දේශපාලන අරමුණු ඉටු කරගැනීමට උත්සහ කිරීම පිළිබද දැඩි කණගාටුවක් ඇතිවන බව
හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් මෙම සිදුවීම පිලිබදව අදහස් දක්වමින් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට