ඉන්දියන් ඔයිල් සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි..
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්දන මිල ඉහළ දැමීමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඊයේ (05) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල වැඩි කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 146 කට අලෙවි කරන බව එම සමාගම පවසා සිටියි. ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 158 ක් දක්වා ඉහළ දමන බව ඉන්දියන් ඔයිල් සමාගම වැඩිදුරටත් අනාවරණය කර සිටියි.