සත්‍යයේ පුවත් අඩහැරය….

රථ වාහන වැරදි 33 ක ස්ථානීය දඩමුදල ඉහළට..

Podu Jana Peramunaරථ වාහන වැරදි 33 ක් සඳහා වන ස්ථානීය දඩමුදල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය අනාවරණය කර සිටියි. අදාළ දඩ මුදල් ඉහළ දැමීම ලබන 15 වනදා සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ස්ථානීය දඩ මුදල 30% ත් 50% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. අධික වේගයෙන් ධාවනය කිරීම සදහා වන දඩය රු.3000/- ක් දක්වා ඉහඝ දමා ඇත. මාර්ග නීති රීති කඩ කිරීමේ සහ පොලිස් නොතකා ධාවනය කිරීම සදහා වන දඩ මුදල රු.2000/- ක් දක්වා ඉහළ දමා තිබේ. මාර්ගයක වාහනයක් නවතා තැබීමේදී අවශ්‍ය වන පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම සදහා වන දඩය ද රු.2000/-ක් දක්වා වැඩිකර ඇති අතර උපදේශන බලපත්‍රයක් නොමැතිව රිය උපදේශන කටයුතු සිදුකිරීමේ දඩය ද රු.2000/- ක් තෙක් ඉහළ දමා ඇත.

ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරීම, වාහනයෙන් අධික ශබ්දය පිටවීම, මෝටර් රථයක් මාර්ගයක නතර කර තැබීම, ආරක්ෂිත හිස් වැසුම් නොපැළඳීම, ආසන පටි භාවිතා නොකිරීම, නුසුදුසු සංඥා භාවිතය යන රථවාහන වැරදි සදහා පනවනු ලබන ස්ථානීය දඩ මුදල රු.1000/- ක් තෙක් ඉහළ දමා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට