නීති අංශයේ පමණක් වැටුප් වැඩිකිරීම නිසා හටගෙන ඇති වැටුප් විෂමතාවයට එරෙහිව එක් දින වර්ජනයක් දියත් කරනවා – දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව
නීති අංශයට පමණක් බලපාන ලෙස සිදුකර ඇති වැටුප් වැඩි කිරීම නිසා රාජ්‍ය සේවය තුළ මතුව තිබෙන වැටුප් විෂමතාවයට විරෝධය පළකරමින් එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි. ඒ අනුව හෙට (11) දිනය තුළ මෙම වර්ජනය දියත් කරන බවත් රාජ්‍ය ආයතන 19 ක විධායක නිලධාරීන් ඊට සම්බන්ධ වන බවත් එම කමිටුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.