සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති තීරණ අගමැති දන්නේ නෑ, අගමැති තීරණ ජනපති දන්නේ නෑ, විකාරරූපී සහ අරාජික රාජ්‍යයක් රටතුළ නිර්මාණය වෙමින් පවතිනවා – ජාතික භික්ෂු පෙරමුණ

Podu Jana Peramunaකුමන ආකාරයේ බාධාවන් හෝ ගැටළු මතුවුවද රටට හිතකර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළයුතුව ඇති බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. අද (10) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධය හමුවකට සහභාගි වෙමින් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ ඇතැම් විකෘති මානසික තත්ත්වයකින් පෙළෙන පිරිසක් විසින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනවශ්‍ය බව පවසා සිටින බවයි.

අසීමිත බලයකින් යුතු විධායක ජනාධිපතිධූරය මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අහෝසි වන අතර ඒ අනුව ඊට හිමි බලතල ස්වාධීන කොමිෂන් සභා වෙත සහ අධිකරණ වෙත ලබාදීමට හැකිවනු ඇති බවත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පොරොන්දුව කෙසේ හෝ ඉටු කිරීමට කටයුතු කළයුතුව ඇති බවත් උදිත හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික පූජ්‍ය වාවුවේ විජිතවංශ හිමියන් පවසා සිටියේ විධායක ජනාධිපතිධූරයේ අහිතරක ඵලවිපාක, එම ධූරය රටට හදුන්වාදී ඉතා කෙටි කාලයකින් ජනතාවටත් රටටත් විදීමට සිදුවූ බවයි. රටතුළ සිදුවන මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් දිනෙන් දිනම ඉහළ යමින් පවතින තත්ත්වයක් උදාවී ඇති අතර නීතියේ ආධිපත්‍ය බිදවැටී ඇති මෙරට තුළ දැන් ආණ්ඩුවක් පවතින්නේදැයි පවා සැකමතුවන බව ද විජිතවංශ හිමි මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ස්ථාපිත කළයුතු බව ප්‍රකාශ කරන ලද හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළයුතුව ඇති අතර ඇය, එම අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම පමණක් කිසිසේත්ම ප්‍රමාණයවත් නොවන බවද විජිතවංශ හිමි සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

තවදුරටත් සිය අදහස් දක්වමින් විජිතවංශ හිමි පවසා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණ නොදන්නා අග්‍රාමාත්‍යවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයාගේ තීරණ පිළිබදව නොදන්නා ජනාධිපතිවරයෙක් සිටින මෙරට තුළ, මේ වන විට විකාරරූපී සහ අරාජික රාජ්‍යයක් නිර්මාණය වෙමින් පවතින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයින් වන පූජ්‍ය තංගල්ලේ සාරද සහ පූජ්‍ය බඹරගහකන්දේ ඥාණසීල යන හිමිවරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට